තමන්ව තවකෙනෙක්ට සමාන කිරීමෙන් සන්සන්දනය කිරීමෙන් වළකින්න...

සතුට කියන දේ කොහොමද මේ පහළින් තියෙන ඇඳපු චිත්‍රයට සමාන කරන්නේ... මම මේ පොස්ට් එකට එකතු කරලා තියෙන මේ පින්තූරේ බැලුබැල්මටම කාටවත් වැරැද්දක් පේන්නේ නෑ. ඒත් මම මේ ඇඳපු පින්තූරේ වැරදි ගොඩක් තියෙනවා.  ඒ වැරදි අඩුපාඩු පේන්නේ චිත්‍රය ඇඳපු මට විතරයි. එක කොටසින් කොටස බැලුවොත්, එකම විදිහත් නැහැ. හැබැයි අන්තිමටම වැරදිත් එක්ක, ඒකාකාරි නොවන ඉරි කෑලි ගොඩකින් ලස්සන පින්තූරයක් ඇඳිලා. පිටින් බලන කෙනෙක්ට පේන්නේ එහෙමයි.

අපේ ජීවිතත් හරියට මේ පින්තූරේ වගේ. එක් කෙනෙක්ගේ ජිවිතයක් පිටින් බලන කෙනෙකුට ලස්සනට, සර්ව සම්පූර්ණ විදිහට පෙනුනත්, ඒ කෙනාගේ ජිවිතේ ගැන හොඳට හොයලා බැලුවොත් ඒක එහෙම නොවන බව අපට තේරුම්ගන්න පුළුවන් වේවි. ඒක හින්දා තව කෙනෙකුගේ ජිවිත දිහා බලලා අනේ මටත් මෙහෙම වෙන්න තියෙනවනන් කියලා හිතලා කවදාකවත් හිත රිදවගන්න හොඳ නැහැ. අපි හැමෝගෙම ජිවිත එකකට එකක් වෙනස්, අපි එක එක කෙනාගේ ජිවිතවල තියෙන කාලරාමුව එකිනෙකට වෙනස්.

මෙන්න මේ විදිහට හිතුවොත් අපිට ජිවිතේ ඇතිවෙන හිත් රිදීම් ගොඩක් අඩුකරගෙන සතුටින් ඉන්න පුළුවන් කියලා තමයි මම තන්නේ. ඔයාලත් එහෙම කරන්න උත්සාහ කරන්න. හිතට ලොකු නිදහසක් එක්ක, ජීවිතය ගමන සරල විදිහට ගෙවා දමන්න මෙය රුකුලක් වේවි....

Comments

Popular Posts