Davinci's Demons

1452 අප්‍රේල් 15 වෙනිදා මේ පුංචි loe මෙලොව එලිය දකිනවා..
හැබැයි කවුරුත් හිතන්න නැතුව ඇති මේ පුංචි දරුවා අනාගතයේ ලෝකයේ හොදම චිත්රකරුවෙක් වෙන බව..හැබැයි මොහු ඒ විශය විතරක් නෙවේ ප්‍රගුන කරේ...ඒ ක්ෂේත්රයට විතරක් නෙවේ හැකියාව පෙන්නුම් කරේ...
නව නිපැයුම්, මූර්ති, ගෘහ නිර්මාණ ශිල්පය, විද්‍යාව, සංගීතය, ගණිතය, ඉංජිනේරු, සාහිත්‍ය, ව්‍යුහ විද්‍යාව, භූ විද්‍යාව, තාරකා විද්‍යාව , උද්භිද විද්‍යාව, පාෂාණ විද්‍යාව සහ සිතියම් විද්‍යාව වගේ හිතා ගන්න බැරි විශයන් ගනනකට මොහු තමන්ගේ හැකියාව පෙන්නලා තියනවා..ඒ කියන්නෙ එදා මෙදා තුර හිටිය අසමසම දැනුමක් තියන පුද්ගලයින් අතලොස්සගෙන් කෙනෙක්..
මමත් ඇත්තටම මේ tv series එක බලන්න කලින් හිතාගෙන හිටියේ ඇත්තටම මොහු චිත්‍ර ශිල්පියෙක් විතරක් කියලා..නැ..
ඔහු අසමසම බහුශ්‍රැත මහා දැනුමක් ඇති අද්විතීය මිනිහෙක්..
ඔහු ගැන තව පොඩ්ඩක් කතා කරොත්,
(1).ඔහුගේ වැදගත් සොයාගැනීම් සටහන් කර ගැනීමට සහ රහසිගත පණිවිඩ සැඟවීමට ඔහු පසුපසට ලිවීමේ ක්‍රමයක් භාවිතා කරලා තියනවා..
(2).ඒ වගේම එකවරම එක් අතකින් ලිවීමට හා අනිත් අතින් ඇඳීමට හැකි වෙලා තියනවා..
(3).චිත්‍ර ශිල්පියෙකු ලෙස මොහු ස්වාභාවික ආලෝකයේ සහ ආලෝකකරණයේ ගුණාංග කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වලා තියනවා..
(4).මොනාලිසා සිතුවම ඉවර කරන්න මොහුට හැකි වෙලා නැ...
(5).සත්ත්ව අය්තීන් වෙනුවෙන් පෙනී හිටපු පුද්ගලයෙක්..
වගේ ගොඩක් කරුණු තියනවා....
අපි මොහුව කුඩා කාලයේ ඉදලම දන්නෙ චිත්‍ර ශිල්පියෙක් විදිහටනේ..
මොහුගේ සිතුවම් එකතුවට,
Mona Lisa (1503)
The Last Supper (1498)
Vitruvian Man
Salvator Mundi(1500)
Ladi with an Ermine(1490)
Portrait of a man in Red(1512)
වගේ සිතුවම් ගොඩක් අයිති වෙනවා..
ඒ අතරින් වැදගත්ම චිත්රයන් වෙන්නෙ මොනාලිසා හා අවසන් රාත්‍රි බෝජනය.
(1).මොනාලිසා.(Mona Lisa - 1503)

(**)මුහුනේ ඉරියව්ව හදුනා ගැනීමේ software එකක් භාවිතා කරලා ඇම්ස්ටර්ඩෑම් university එකක් හොයාගෙන තියනවා මොනාලිසා 83%ක් සතුටින් ඉන්නෙ කියලා..
(**)න්‍යායක් අනුව ඇගේ චිත්‍රය අඳින අතරතුර මොනා ලීසා විහිළුකාරයින් සහ සංගීතවේදීන් විසින් විනෝදයට පත් කරලා තියනවා..
(**)මොනා ලිසාට පැහැදිලිව පෙනෙන ඇහිබැමි හෝ ඇහි බැම නොමැත. 2007 දී ඉංජිනේරුවෙකු අධි-විභේදන ස්කෑන් භාවිතා කරලා හොයාගෙන තියනවා සිතුවමේ මුලින් පැහැදිලිව පෙනෙන ඇහි බැම හෝ ඇහිබැමි වලින් වර්ණාලේප කරලා තියනවා කියලා.. කාලයත් සමඟ ඒවා ක්‍රමයෙන් අතුරුදහන් වෙලා තියනවා..
(**)ලෙනාඩෝ ඩා වින්චි මොනා ලිසා මත තීන්ත ස්ථර තිහකට වඩා භාවිතා කරලා තියනවා.. සමහර ඒවා මිනිස් හිසකෙස් වලට වඩා තුනීයි..
(**)මොනා ලීසා සිතුවමේ වටිනාකම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 782..
ඒ කියන්නෙ රුපියල් වලින් නන් මිලියන 144670ක් වගේ..
(2).අවසන් රාත්‍රි භෝජනය.(The Last Supper - 1498)

(**)අවසන් රාත්‍රී භෝජනය යනු ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීමට කලින් ජෙරුසලමේ සිටි තම සමීපතයන් එක්ක ගත්ත අවසාන ආහාරය..අන්තිම රාත්‍රී භෝජනය කිතුනුවන් විසින් විශේෂයෙන් මුන්ඩි බ්‍රහස්පතින්දා යන දවසේ සමරනවා..
(**)ඊල් හෝ හුරුල්ලන්?
මේසය මත ඇති මාළු හුරුල්ලන් හෝ ඊල් ද කියලා තවම හරියටම හොයා ගෙන නැ..
(**)පාන් වලින් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය නියෝජනය කරලා තියෙන්නෙ..
පාන් ආහාරයට ගතතට පස්සේ ජේසුස් වහන්සේ වයින් ගෙන තම ගෝලයන්ට එය පානය කරන්න ලෙස කියලා තියනවාලු..
ඒ වගේම වයින් වලින් නියෝජනය කරන්නේ ජේසුස්ගේ රුධිරයයි.
(**)සිතුවමේ උස 4.6 m වගේන දිග 8.8 m..
මේ සිතුවම් දෙකට පස්සෙ මට වැඩියෙන්ම හිත ගිය සිතුවම තමා Vitruvian Man කියන එක..

(**) මෙම සිතුවමේ රවුමක හා හතරැස් කොටසේ පරිපූර්ණ ලෙස කොටා ඇති පිරිමි රූපයක් නිරූපණය කරන්නේ මිනිස් ස්වරූපය සහ විශ්වය අතර දිව්‍ය සම්බන්ධයක් කියලා තමයිි ඔහු විශ්වාස කරලා තියෙන්නේ..
(**)මිනිසා රවුමක හා හතරැස් කොටුවකටනෙ ඉන්නෙ..මිනිස් ශරීරයේ විවිධ අනුපාතවල අර්ථය අපට පෙන්වීමට ඩාවින්චි මේ සිතුවම නිර්මාණය කරලා තියනවා කියලා කියන්න පුලුවන්..
ඒ වගේම ඔහු ගණිතය භාවිතා කරන්නේ මිනිසෙකුගේ පරිපූර්ණ භෞතික ලක්ෂණ මොනවාද යන්න විස්තර කරන්න..අන්න ඒ ගණිගණිතයත් යොදා ගෙන මිනිස් සිරුරේ පරමාදර්ශී සමානුපාතිකයන් නිදර්ශනය කරන්න මේ චිත්‍රය යොදා ගෙන තියනවා...
(**)බැලූ බැල්මට මේ සිතුවමේ අපට පෙනෙන්නේ ඉරියව් දෙකක් විතරනේ..පාද එකට නැගී සිටීම, දෑත් දිගු කිරීම සහ අත් ඔසවා තැබීම.ඒ උනාට මේකෙ තියන විශේවිශේෂත්වය වෙන්නෙ අධිස්ථාපිත ශරීරය මෙම දිගු කළ අවයවවල සංයෝජන 16 ක් තියනවාලු ..
ඇත්තටම මොහු චිත්‍රශිල්පියෙක් විතරක් නෙවේ...
ඔහු military engineer කෙනෙක්...
අන්න ඒ නිසා ඔහු ඉදිරිපත් කරනවා මුල්ම හෙලිකොප්ටර් ආකෘතිය,මුල්ම යුද ටැංකි ආකෘතිය,මුල්ම මැශින් තුවක්කු ආකෘතිය..
එතනින් නවතින්නෙ නැ..ගණක යන්ත්‍රයක ආකෘතිය,ජව රෝදයේ ආකෘතිය වගේ අතිශය වැදගත් නිර්මාණයන් ගොඩක මුල්ම අදහස ඉදිරිපත් කරන්නෙ මොහු..
ඒ වගේම මිනිස් සිරුර ගැනත් මුලින්ම විද්‍යානුකූල කියන්නෙ මොහු..
කතා කරනවා නන් ටොන් ගනන් දේවල් මොහු ගැනයි මොහුගේ සිතුවම් ගැනයි කතා කරන්න පුලුවන්..
හැබැයි මම අද Leonado Davinci ගැන කිව්වෙ දැනට මම බලලා තියන tv series අතරින් හොදම එකක් උන Da Vinci's Demon නිසා..ඒක මොහු වටා සහ ක්‍රිස්තු ධර්මය වටා තමා ප්‍රදානවම කියවෙන්නෙ!!
Season 3ක් ආව..
Season -1 -- Episode - 8
Season -2 -- Episode - 10
Season -3 -- Episode - 10
මේක season 3න් නවත්තන්න ප්‍රදාන හේතුවක් වෙන්නෙ පාප් වහන්සේගේ සහ ක්‍රිස්තු ධර්මයේ තිබ්බ සම්බන්දයලු..
IMDB - 8
Time Period - 2013 - 2015
RT - 75%
සියලුම දත්ත- අන්තර්ජාලය ඇසුරින්...
ඉතින් මේ චිත්‍රපට කතාමාලාව බලහන්..අමුතුම රසයක් තියේවි
ජය ✌
සටහන- ඉන්දික ප්‍රභාත්
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
Comments
Post a Comment